අතිපූජ්‍ය රේරුකානේ චන්දවිමල මහා ස්වාමින් වහන්සේ

පොකුණුවි ශ්‍රී විනයාලංකාරාරාමාධිපතිව වැඩසිටි ශ්‍රී ලංකා ස්වේජින් නිකායේ මහා නායක සාහිත්‍ය චක්‍රවර්තී, පණ්ඩිත, ප්‍රවචන විශාරද, අමරපුර මහා මහෝපාධ්‍යාය, ශාසන ශෝභන, ශ්‍රී සද්ධර්ම ශිරෝමණී මහාචාර්ය අතිපූජ්‍ය රේරුකානේ චන්දවිමල මහානායක මාහිමිපාණන් වහන්සේ උපත ලැබුවේ 1897 ජූලි මස 19 වැනිදා ය. උපන් ගම රේරැකාන නම් අප්‍රසිද්ධ ගමයි. ගිහි නම රූබෙල් ගුණවර්ධන යි.සහෝදර සහෝදරියන් හය දෙනෙකුගේ වැඩිමලා මහනාහිමිපාණන් වහන්සේ ය. නායක හාමුදුරුවන්ගෙ පියා දොන් බස්තියෙන් ද පවුලිස් ගුණවර්ධන. මව මුණසින්හගේ පොඩිනෝනා. 

අධ්‍යාපනය ලැබුවෙ වීදියගොඩ පාසැලෙන් ය. ඒ දෙවැනි පන්තියට පමණි. පැවිදි වූ දිනය 1906 ජනවාරි 08 වැනිදා ය. ගුරු හාමුදුරුවෝ බුරුම ජාතික ඌ විනයාලංකාර නායක හාමුදුරුවෝ ය. 1908 ජනවාරි 27 වැනිදා බුරුම රටට වැඩම කර අවුරුදු දහයක් පමණ එහි සිට දහම් අධ්‍යාපනය ලබා ඇත. මහත් වැර වෑයමින් ධර්ම ශාස්ත්‍රෝද්ග්‍රහණය කරන අතරම උන්වහන්සේ 1917 ඔක්තෝමිබර් මස 26 වන දින බුරුම රටේ ධමිමිකාරාම සීමාවේ දී අධිශීල සංඛ්‍යා උපසමිපදාව ලැබුහ.

ඉන් පසු නැවත ලක්දිවට වැඩමකළ උන්වහන්සේ දෙමටගෙඩ මහා විසුද්ධාරාම විහාරයේ වැඩවාසය කරමින් ලක්වැසියන් හට බොඳු මඟ කියාදෙමින් සහ බෞද්ධ ග්‍රන්ථකරණයේ යෙදෙමින් උදාර හා සමාජීය මෙ‍හෙවරක් ඉටු කළහ.එවිට උන්වහන්සේට වයස අවුරුදු 29 ක් පමණ විය. උන්වහන්සේ මුලින්ම ලියා ඇති පොත නිර්වාණ විනිශ්චය නම් පොත ය. ඉන් පසුව ද වටිනා දහම් පොත් තිහක් පමණ ලියා ඇත.මේ වනවිට මහන දම් පුරන ලංකාවේ සියළු භික්ෂුන්වහන්සේලා ට මේ පොත් පෙළ ත්‍රිපිටකය තරමටම ප්‍රයෝජනවත් වී ඇත. සිංහල බෞද්ධ ගිහියන්ටද නිර්වාණ අවබෝධය සඳහා මේ තරම් උදව් වන වෙනත් පොත් ගොන්නක් නැත.

මෑත යුගයේ බුද්ධ ධර්මයට මහත්ම සේවාවක් සිය ලේඛනවලින් ලබා දුන් අති පුජ්‍ය මහා නායක ස්වාමින් වහන්සේ ශත වර්ශයකට ආසන්න කාලයක් ආයු වළඳා 1997 ජුලි 4 වැනිදා අපවත් වී වදාළහ

මෙම වටිනා දහම් පොත් click කිරීම මගින් ඔබට අවශය දහම් පොත භාගත කල ගත හැක