අති දුෂ්කර ගම්මාන වල වෙසෙන පාසල් දරැවන්ට අවශය පාවහන් පරිත්‍යාග කිරීමේ වැඩසටහන 2023/12/22​​​

වර්තමානයේ ලංකාවෙහි උද්ගතව පවතින දැඩි ආර්ථික තත්ත්වය හේතු කොට ගෙන සියලු පුද්ගලයන්ගේ ආර්ථික තත්ත්වයන්ට දැඩි බලපෑමක් සෘජුවම එල්ල වී ඇත. එය හේතු කොට ගෙන අධ්‍යාපන ලබන දරුවන්ට ඔවුන්ගේ අධ්‍යාපන කටයුතු ඉදිරියට කරගෙන යාමට විශාල බාධාවන් වී ඇත.   මෙම කාලය තුළි බොහෝ පවුල්වල ආහාර අවශ්‍යතා සපුරා ගන්නේ ඉතාමත් අපහසුවෙන් බව සියල්ලන්ම දන්න දුක්ඛිත කාරණාවකි. දැඩි ආර්ථික අපහසුතා හමුවේ අධ්‍යාපනය ලබන බොහෝ දරුවන්ට මේ කාලයේ පවතින  තවත් එක් ප්‍රධාන ගැටළුවක් වන්නේ පාසලට පැමිණීමට පාවහන් යුගලයක් නොමැතිවීමයි. මේවන විට ලංකාවේ පාසල් පාවහන් යුගලයක් ඉතාමත් මිලෙන් අධික වී ඇත. බොහෝ ආර්ථික අපහසුතා ඇති පවුල්වලින් ඔවුන්ගේ මාසික ආදායමෙන් හතරෙන් එකක් වත් සපත්තු මිලදී ගැනීමට වැය කළ යුතු වේ. දරුවන් කිහිප දෙනෙක් සිටී නම් එම තත්ත්වය ඉතාමත් ගැටළු සහගත තත්ත්වයක් බවට පත් වී ඇත. ආර්ථික අපහසුතා හේතුවෙන් පාසල් ගමන අඩාල වන දරුවන් අතර ඉදිරියේදී වෛද්‍යවරුන්, ඉංජිනේරුවන්, මහාචාර්යවරුන් ,ලෝක පූජිත ක්‍රීඩකයන් ආදී මේ රටට විශාල කීර්තියක් අත්කර දීමට සමත් දරුවන් සිටිය හැක. මෙවැනි ආර්ථික තත්ත්වයක් හේතු කොට ගෙන දක්ෂ දරුවන් අපට අහිමිවෙනවා නම් එය අපේ මෙන්ම මේ රටෙහි අභාග්‍යයට හේතු වේ.

මේ තත්ත්වයන් හමුවේ අප කළණමිතුරු කණ්ඩායමේ හිතවත් ගයාන් මහතාට ඇතිවුණු සිතිවිල්ලක් මත හා තුසිත රාජපක්ෂ මහතාගේ මෙහෙයවීමෙන් දෙස් විදෙස්හි වෙසෙන අපගේ කලණ මිතුරු කණ්ඩායමේ පිරිස විසින් මෙම උතුම්  පරිත්‍යාගය අහිංසක අපගේ  දු පුතුන් වෙනුවෙන් සිදු කෙරිණි. 

මෙම අවස්ථාවේ ගත් ඡායා රෑප කිහිපයක් පමනක් ඉදිරිපත් කර ඇත. මන්ද යම් දරැවන්ගේ පෞද්ගලිකත්වයට හානි වීම් වලක්වවා ගැනීම් සදහා එම අවස්ථා අප විසින් ඡායා රෑප ගත නොකරන ලදි.

සතියක් වගේ ඉතාම කෙටි කාලයක් තුල. කෙටි දැනුම් දීමකදී ඒ සදහා අවශ්‍ය වී තිබු මුදල් ප්‍රමානය සපුරාගැනීමට කලණ මිතුරු කණ්ඩායමේ සාමාජික සාමාජිකාවන්ගේ පරිත්‍යාගයෙන් හැකි වුණා. පහතින් එම පරිත්‍යාගශීලීන්ගේ විස්තර ඉදිරිපත් කරමි 

නම සදහන් වී නැත. 5000
මනීශා වික්‍රමනායක මහත්මිය. 6000
ශිරානි චන්ද්‍රසිරි. 5000
ශ්‍රීමති වරාගොඩ මහත්මිය 10000
චමරි ලීලාසේන මහත්මිය 20000
පද්මා රත්නායක මහත්මිය. 30000
ප්‍රිශාන්ති මාදම්පගේ මමිය. 9000
සේපාලි සේනානායක මමිය. 5000
බඹරන්ද මහතා. 2000
ශානිකා ගමගේ මහත්මිය. 5000
තුලානි සේනානායක මමිය. 22421.59
මානෙල් මමිය ,කිත්සිරි මයා. 5000
රුවනි සහ දර්ශානි මහත්මීන්. 10000
ප්‍රේමා සහ රශ්මිනි මහත්මීන්. 5000
චින්තා යටවර මහත්මිය. 20000
වගීශා මහත්මිය. 6500
නිර්මලා අමරසිංහ මහත්මිය. 5000
කුමාරි මහත්මිය. 5000
මාලිනි ප්‍රනාන්දු මහත්මිය. 5000
K C සිල්වා මහතා. 5000
ලසන්ත අබේවර්ධන මහතා. 5000
රම්‍යා වික්‍රමරත්න මහත්මිය. 2500
නිර්මලා අමරසිංහ මහත්මිය. 5000

අයිරින් රණසිංහ මහත්මිය. 20000
ජයන්ත වීරසිංහ මහතා. 10000
නම සදහන් වී නැත. 12500.
දිලීකා බුලත්සිංහල මහත්මිය. 10000
එරීන් මහත්මිය සජිත් මහතා. 5000
C හෙට්ටිආරච්චි මහතා. 5000
T S සේනාරත්න මහතා. 5000
ගීතානි සිරිවර්ධන මහත්මිය. 21846.70
භාග්‍යා අමරසිංහ මහත්මිය. 5000
චතුරානි පෙරේරා මහත්මිය 1000
Cailly සහ Davina චූටි
දියනියන් එක්ව. 10000
නම සදහන් කර නැති. 1000
අයිරින් කරුනාගොඩ මහත්මිය. 5000
මනෝරි මහත්මිය(UK). 10066,65
ඩිනාලි මහත්මිය සහ අමිල. 5000
නම සදහන් කර නැති. 4375
අමාලි මහත්මිය. 5000
නුවන් පෙනහිටිපොල මහතා. 20071.98
මංගලිකා ආරියරත්න මහත්මිය 2000
වෛද්‍ය කමනී අබේවීර 5000
සන්ධ්‍යා අබේසේකර මහත්මිය. 20999.94

මුළු මුදල රුපියල්  382,281.86